Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරගහකන්ද ජලාශය ආරක්ෂිතයි- ව්‍යාපෘති අධ්‍යක්ෂ පවසයි

මොරගහකන්ද ජලාශයේ ජල කාන්දුව සම්බන්ධයෙන් කිසිදු ආකාරයෙන් බිය විය යුතු නැතැයි තමන් යළි තහවුරු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්ත මහතා පවසයි.

ඊයේ (01) මොරගහකන්ද ජලශ පරිශ්‍ර යේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතෙම මේ බව කියා සිටියේය.

පවත්නා තත්ත්වය හමුවේ ජලාශයට පහල නිම්නයේ වෙසෙන ජනතාවට යම් බලපෑමක් මේ හේතුවෙන් ඇති නොවන බවත් ලංකාවේ ඉදිකල වෙනත් ජලාශ වල ද මෙවැනි ජල කාන්දු ඇති වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මොරගහකන්ද ජලාශ වේල්ල නිර්මාණය කර ඇත්තේ අඩි විසි පහකින් යුතු කොන්ක්‍රීට් කුට්ටි විසි පහකින් (25) බව ද විජේරත්න මහතා කියා සිටියේය.

එම කොන්ක්‍රීට් කුට්ටි අතර යා කිරිම සදහා වොටර් බාර් (water bar ) දෙක බැගින් යොදා ඇති බවත්, එම ස්ථානයකින් නිකුත් වන ජල ප්‍රමාණයක් පහල ගලාඒම සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩි.බී.විජේරත්න මහතා මෙසේ ද කියා සිටියේය. 

දැනට ජලාශයේ උපරිම ජල මට්ටමට පැමිණ ඇත.

වාරි වේල්ලේ උඩම මීටරය පිරෙන අවස්ථාවේ දී දෙසැම්බර් මාසේ 25 – 26 වගේ දිනක දී ජල කාන්දුවක් ඇති වුයේ බැම්මේ පසු පස දෙසිනි.

තත්ත්වය සමාන්‍ය තත්ත්වයක්. මෙවැනි තත්ත්වයන් වික්ටෝරියා ජලාශයෙත් දක්නට ලැබීය.

මේ ජල කාන්දුවේ පිටවීම සමානයි වැඩි අඩුවීම් දක්නට ලැබෙන්නේ නැහැ.

එපමණක් නෙවෙයි මේ ජලාශය නිර්මාණය කරන්න බාරගත්තු කොන්ත්‍රාත් සමාගමට ජලාශය අපට බාර දෙන්න තව අවුරැද්දක කාලයක් පවතිනවා.

එම කාලය තුළ යම් හානියක් ජලාශයට සිදු වුනොත් එහි වගකීම කොන්ත්‍රාත් කරු දරනවා.

දැනටමත් ඒ අය මේ ජල කානදුව සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා බැම්මේ ඉහළ සිට මීටරයක් පහලින් පවතින ජල කාන්දුව, ජලාශයේ ජල මට්ටම අඩුවීමත් සමග නිවැරදි කිරීමට හැකියි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();