Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාගම වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
 
වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ(01) රාත්‍රී 07.50ට පමණ ය. තුවාලකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 30 හැවිරිදි මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සැකපළ කරයි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබේ. 
 
වෙඩි තැබිම සිදු කළ පුද්ගලයා අද (02) අළුයම පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();