වසර 03ක සිර දඩුවම් නියම වී තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනයකට අනුව මෙලෙස ඇප ලැබී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම කර තිබුණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කරනු ලැබිය.
0 Comments