උසස්වීමක් වෙනුවෙන් දුමින්ද සිල්වාට මරණ දඩුවම දුන් හිටපු මහධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා විසින් අධිකරණ සේවා කොමිසමට ඊයේ (07) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද දුරකථන සංවාද සාක්ෂි කරගනිමින් අග්‍ර විනිශ්චයකාරතුමා වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එම ලිපියේ වැඩිදුරටත් අදහස් කර ඇත්තේ නීතියේ ආධිපතය්යය අධිකරණයේ ස්වාධීනත්වය, විශ්වාසය හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සඳහා දේශපාලකයන් හා විනිශ්චයකාරවරුන් අතර පැවති නොමනා සබදතා පිළිබඳ මීට පෙර කිසිදු රජයකින් වාර්තා වී නොමැති බවයි.
එහිදී සිංහලේ සංවිධානයට නිරීක්ෂණය වූ කරුණු කීපයක් එම පැමිණිල්ලේ සඳහන් වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි අනාදර හැගීමක් ඇතිවන පරිදී බාහිර පාර්ශවයන් සමඟ කුමන්ත්‍රණය කිරීම හා සබදතා පැවැත්වීම, අපරාධ චෝදනා එල්ලවී ඇති සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම හා ඔවුන් වෙනුවෙන් නීතිමය උපදෙස් රැකවරණයන් හා නීතිය අවභාවිතා කරන ආකාරය පිළිබඳ සැලසුම් සකසාදීම, අධිකරනයේ විභාග වන නඩුකර පිළිබඳ භාහිර පාර්ශවයන්ට ලිපිගොනු ලබාදීම, ලිපිගොනු විස්තර ලබාදීම, විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම වැටුප් වර්ධක හා දීමනා ලබාදීම අධිකරණ නිලධාරීන්ගේ නිවාඩු පුහුණු කිරීම, ස්ථාන මාරු, උසස්වීම් හා පහල දැමීම්, විනිශ්චයකාරවරු සහ උප ලේඛණගත නිලධාරීන්, විශේෂ පත්කිරීම් සම්බන්ධයෙන් බාහිර පාර්ශවයන් සමඟ සාකච්චා කිරීම සහ අධිකරණ සේවා කොමිෂන් සභා කර්යාවලිය විවේචනය කිරීම හා බාහිර පාර්ශවයකට එසේ කිරීමට පමණක් නොව කොමිෂමට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට අවශ්‍යය නීතිමය පරිසරයක් ගොඩනැගීම. රාජ්‍ය නායකයා වූ ජනාධිපතිවරයාට අපහාස වන පරිදී භාහිර පාර්ශවයන් සමඟ රාජ්‍යය නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කීරීම හා අපහාස කිරීම ඇතුලු චෝදනා කීපයක් පැමිණිලලේ සඳහන් වේ.
අසේල ලියනගේ
0 Comments