ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්කර තිබේ.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.
මීට පෙර මෙම තනතුර සඳහා යෝජනා වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්ද අමරවීරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තනතුරු බෙදාගැනීමක් වශයෙන් සභානායක තනතුර පොහොට්ටුවටත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තනතුර ශ්‍රීලනිපයටත් ලබාදීමට පසුගිය දින කිහිපය වන තෙක්ම යෝජනා වී තිබුණු බවයි එම පක්ෂ ආරංචිමාර්ග පැවසුයේ.
අවසන් ජනාධිපතිවරණයට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරුවේ ද මහින්ද අමරවීර විසිනි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයාද වෙයි.
The post අමරේ හැලී ජොනී දිනයි appeared first on Lanka News Column.
0 Comments