Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරගහකන්ද අවදානමේ

සක්‍යතා අධ්‍යනයන් නොසලකා හරිමින්, නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් මොරගහකන්ද ජලාශය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මාධ්‍යහමුවකදී අනාවරණය කළේය.

නාමල් කරුණාරත්න මෙහිදී කියා සිටියේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පිළිබඳව ආරම්භයේ සිටම විවිධ ප්‍රශ්න සහ ගැටලු සහගත ස්ථාන පැවති බවය.

මේ වනවිට ජල කඳක් ජලාශයේ පවතින බවත් ජලාශය මේවන විට පරාක්‍රම සමුද්‍රය මෙන් පස්ගුණයක් පිරී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බවද ඇතැම් විට මෙම පැල්ම මහ පොළොවේ සිට පවතිනවා දැයි සැකයක් පවතින බවයි නාමල් කරුණාරත්න කියා සිටියේය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු ආරම්භයේම භූ විද්‍යාඥයින් සහ විශේෂඥ දැනුම ඇති අදාළ ප්‍රදේශයේ පොළොවේ හුණුගල්ස්තරයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණු බවද මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට අවශ්‍යතාවය වූයේ ඇතැම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත බවද ඔහු හෙළිකළේය.

මෙම පැල්මේ සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන විසඳුමක් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති බවද ඔහු පැවසීය.

එහි ප්‍රතිඵල මෙයාකාරයෙන් භුක්ති විඳීමට සිදු වෙන හෙයින් ඔවුන් මේ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති කළමනාකාරවරයා මාධ්‍ය වෙත කුමක් කීවත් රැදවුම් මුදල් රඳවා ගෙන තිබුණද ජලාශයට  හානියක් වූ විට ඉන් පලක් නොවන බව පැවසූ කරුණාරත්න පසුගිය කාලයේ කන්තලේ වැව් බැම්ම බිඳී ගිය අවස්ථාවේ සිදුවූ විනාශය ද අවධාරණය කළේය.

ව්‍යාපෘති අධ්‍යක්ෂවරය කළමනාකරණ කටයුතු පමණක් සිදුකරන නිලධාරියකු බව ද ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායම් ගෙන්වා මේ පිළිබඳව වහාම පරීක්ෂාකොට බලා එහි ඉදිකිරීමේ නිවැරදිතාවය පිළිබඳව තහවුරු කරගත යුතු යැයිද නාමල් කරුණාරත්න විසින් රජයට යෝජනා කළේය.

මෙම ජාල කාන්දුව වාර්තාවීමත් සමග ජලාශය පහළ සිටින දිස්ත්‍රික්ක ගණනාවක ජනයා දැඩි බියකට පත්ව සිටින බවද නාමල් කරුණාරත්න අවධාරණය කළේය.

The post මොරගහකන්ද අවදානමේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();