මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් වෙනුවෙන් කළයුතු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පාර්ශ්වයන්ට නිසි පරිදි නොගෙවීම නිසා මහා මාර්ග අමාත්‍යාංශය භාහිර පාර්ශවයන්ට රුපියල් කෝටි 2500 ක් පමණ ගෙවීමට තිබෙන බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ඒ අතර මාර්ග ඉදිකිරීමේ හා පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් 2015 වසරෙන් පසු පවරාගත් ඉඩම් සඳහා ගෙවිය යුතු මුදල් රුපියල් කෝටි 950 ක් තිබෙන බවත් එම ගෙවීම් ප්‍රමාදවීම නිසා ඉඩම් හිමියන්ට අමතර සියයට 7 ක පොලී මුදලක්ද ගෙවීමට සිදුව ඇති බව ඇමතිවරයා පවසයි.
මැතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවූ ‘රන් මාවත්‘මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් කොන්ත්‍රාත්කරුවන්ට කළයුතු ගෙවීම් රුපියල් කෝටි 1,500 ක් තිබෙන බවද වාර්තා වේ.
The post RDA කෝටි 2500ක් ණයයි appeared first on Lanka News Column.
0 Comments