දිවයිනේ නොයෙක් ස්ථානයන්හී විවිධ ක්‍රම අනුගමනය කරමින් කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘති මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි.
නමුත් ගොවියාගේ හිත මිතුරා ලෙස නම් දරා සිටින ගැඩවිලන්ගේ දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ශ්‍රීලංකාවේ පළමු මෙන්ම එකම ව්‍යාපෘතිය මාතර , ගන්දර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටල් සංකීර්ණයක අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතන බව වාර්තා වෙයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ , මාපලාන කෘෂිකර්ම විද්‍යා පීඨයේ , ගොවිපළ කළමණාකාර බී.ජී. උදේෂ් ධර්මසිරි මහතා විසින් 2018 වසරේ ජනවාරි මාසයේදී මෙම ගැඩවිලන්ගේ ආධාරයෙන් කාබනික පොහොර නිපදවීමේ (WORM FARM) ව්‍යාපෘතිය ආරම්භ කළේය.
ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කොම්පෝස්ට් (CENTRAL COMPOST) ආයතනය සමඟ සසහයෝගීතාවයෙන් උදේෂ් ධර්මසිරි මහතා තම දැනුම වර්ධනය කරගනිමින් ශ්‍රීලංකාවට උචිත වන පරිදි උපදේශන සේවාවක් ලෙස මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ස්වේච්ඡාවෙන් සේවය සපයනු ලබයි.
මෙලෙස කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රධාන වාසිය ලෙස දැකිය හැක්කේ මැස්සන් , මීයන් හෝ වෙනත් සතුන්ගේ ග්‍රහණයකින් සහ කිසිදු ආකාරයේ දුර්ගන්ධයක් නොමැතිව අපද්‍රව්‍ය පරිසරයට හිතකාමී ලෙස බැහැර කරමින් කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි වීමයි.
කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනෙන මධ්‍යම ප්‍රමාණයේ කුටි සමූහයකින් යුත් කුඩා නිෂ්පාදනාගාරයේ කුටීර (SUB POD) 10 ක් ස්ථාපිත කර ඇත. එක කුටීරයක පරිමාණය ලීටර් 180 කි.
කුටීර සමූහය වටේ ඉදිකර ඇති විශේෂ තීරුවෙහි (BUFFER ZONE) දෛනිකව ගෙවත්තේ එකතුවන දිරාපත්වූ කොළ රොඩු ආදිය තැන්පත් කිරීම කරනු ලැබේ.
කෙසේ වෙතත් කිසිදු මුදලක් වැය නොකර , මෙලෙස ගැඩවිලන්ගේ ආධාරයෙන් නිෂ්පාදනය කරගනු ලබන කාබනික පොහොර සහ දියරමය පොහොර වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා අති සාර්ථක විසඳුමකි.
මෙලෙස නිපදවා ගන්නා කාබනික පොහොරවල ගැඩවිලන්ගේ බිත්තර ලක්ෂ ගණනාවක් ඇත.
කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ගැඩවිලන් නැවත පසට හඳුන්වාදීම තුලින් දේශීය ගොවිතැනට මෙන්ම තිරසාර කෘෂිකර්ම සංවර්ධනයට ගැඩවිලන්ගෙන් විශාල දායකත්වයක් ලබාගත හැකි වනු ඇත.
ගැඩවිලා යම් භූමියක පසෙහි කාබනික කොටස් ආහාරයට ගැනීමේදී මුළු පසම ශරීරය තුලින් ගමන් කිරීමේ ස්වභාවික ක්‍රියාවලියක් සිදුවේ.
(විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ)
0 Comments