Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වුහාන් සිසුන් එනතුරු හමුදාව සීරුවෙන්

 චීනයේ සිට මෙරටට එන ශ්‍රී ලාංකික සිසුන් නිරෝධායනය කිරීමට දියතලාව යුද හමුදා රෝහලේ හුදකලා වාට්ටුවක් දැනටමත් සූදානම් බවත්, ඉදිරි අවශ්‍යතාවයන් සඳහා එම වාට්ටු සංකීර්ණය පුළුල් කිරීමට ඊයේ (28 ) සිට කටයුතු යොදා ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
යුද හමුදාව මෙහිදී ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
 
මේ අතර චීනයේ අධ්‍යයන කටයුතු සඳහා ගොස් සිටි තවත් ශ්‍රී ලාංකික සිසුසිසුවියන් හැත්තෑ දෙදෙනෙකු අද(29) අලුයම දිවයිනට පැමිණියේය.
 
මේ වනවිට චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 380 දෙනෙකු චීනයේ සිට මෙරටට පැමිණ තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();