කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇත. මේ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසිය.
මෙම රෝගීන් 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇත. තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.
වෛද්‍ය වාර්තා ලැබුණු තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තා වල සඳහන් වන බවත් අනෙක් දෙදෙනාට කොරොනා වෛරසය ආසාදනය වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසීය.
The post කොරෝනා සැකපිට 23ක් appeared first on Lanka News Column.

0 Comments