Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු – විස්ඩන් සඟරාව නම්කරයි

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංගව විස්ඩන් සඟරාව හදුන්වා දී තිබෙනවා.

විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ආරෝන් ෆින්ච් වන අතර ග්ලෙන් මැක්ස්වෙල් සහ ශේන් වොට්සන් යන ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ද මෙම කණ්ඩායමට ඇතුළත්.

ඉන්දීය කී‍්‍රඩකයින් වන විරාට් කොලි සහ ජස්පි‍්‍රත් බුම්රාද එහි සමාජිකයන් වනවා.

එංගලනත්යේ ජොස් බට්ලර් සහ ඩේවිඩ් විලි ද නවසීලන්තයේ කොලින් මුන්රෝ ඊට ඇතුළත්.

ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයින් දෙදෙනෙකුද විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වී සිටීම විශේෂත්වයක්. ඒ මොහොමඞ් නබී සහ රෂිඩ් කාන් යන කී‍්‍රඩකයින් දෙදෙනායි.

The post 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු – විස්ඩන් සඟරාව නම්කරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();