Ticker

6/recent/ticker-posts

Header Ads Widget

SPC හිටපු සභාපතිට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්, අද(31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ඔහු අද (31) උදෑසන එම දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.

සුදු වෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදුන් බවට පවසමින් බොරු සාක්ෂි ලබාදුන් බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

රූමි මොහොමඩ් මහතා අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අතර, එහිදී ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මහතා සඳහන් කළේ.

මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ නියෝගයක් ද නිකුත් කළා.

The post SPC හිටපු සභාපතිට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();