ස්විඩන් ජාතික ඉවොන් ජොන්සන් නැමැති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ලිඛිතව තම මතය විමසා සිටින බව එහි සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.
ජුඞ් ශ්‍රමන්ත ජයමහ නමැති පුද්ගලයාට ජනාධිපති නිදහස ලබා දුන් ආකාරය මරණ දඬුවම හිමිවූවන්ට ජනාධිපති නිදහස ලබාදීමේ ක්‍රමයේ විනිවිදභාවය හා සාධාරණත්වය ගැන ප්‍රශ්න රැසක් මතුකරන බැවින් මෙසේ ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සිය අදහස විමසීමට කටයුතු කරන බව ඔහු කියා සිටී.
The post ජනපති සමාව දීම ගැන ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අදහස් විමසයි. appeared first on Lanka News Column.
0 Comments