Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්නැයි ජනපතිගෙන් ඉල්ලයි.

ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බැවින් ඔවුන් සිවුදෙනා ලබන 18 වැනිදා තෙක් තාවකාලිකව නිවාඩු ගන්වන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ වළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සහ නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ද සිල්වා  මෙසේ ලබන 18 වැනිදා තෙක් නිවාඩු දෙන්නැයි මහින්ද දේශප්‍රිය සිය ලිපියෙන් ඉල්ලා ඇත.

The post සිව්දෙනෙක් 18 තෙක් නිවාඩු ගන්වන්නැයි ජනපතිගෙන් ඉල්ලයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();