ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) ක්‍රියාත්මක වැඩ කටයුතු පිළිබඳව විමර්ශනය කරයි
පෙරේදා(23) ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී එම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතා ඇතුළුනිලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදි.
මෙහිදී ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති රාශියක් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඇමතිවරයා විසින් විමර්ශනයට ලක් කරන ලදි. විශේෂයෙන් රට පුරා පවතින මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන සහ මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය විය. එසේම කකුලුවන්, ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් වගාව සංවර්ධනය කිරීමට අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන ඇතුලු ඒ පිළිබඳව ධීවරයින්ට පුහුණූව ලබාදීම වැනි කටයුතු ගැනද සාකච්ඡා කරන ලදි.
මේ සඳහා දැනට එම ආයතනය විසින් කර ගෙන යන වැඩ කටයුතු වඩාත් ශීඝ්‍රයෙන් කර ගෙන යෑම පිළිබඳවත් ඊට අවශ්‍ය දැනට නොමැති පහසුකම් ලබා දීම පිළිබඳවත් සාකච්ඡාවට භාජනය විය. මෙම ව්‍යාපෘති සඳහා තව දුරටත් අවශ්‍ය කරන්නාවූ පහසුකම් ලබා ගැනීම සඳහා අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉතා ඉක්මනින්ම පිළියෙල කොට තමන්හට භාර දෙන ලෙස අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදි.
මෙ අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා අශෝකා මහත්මිය, අධ්‍යක්‍ෂ හේරත් මහතා සහ අම්‍යත්‍යතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.
බුද්ධිකා ඉඹුලාන


0 Comments