ධීවර ඇමැති පොරොන්දු වෙයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පෑලියගොඩ පිහිටි මධ්‍යම මත්ස්‍යය වෙළඳ සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර හා ජලජ
සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (24) පෙරවරු 7.00ට එහි සංචාරයක නිරත විය.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා ඉහත මත්ස්‍යය වෙළඳ සංකීර්ණයෙ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, එහි පවතින අඩු පාඩු රැසක්ම වෙළඳ සංකීර්ණයේ සමිති නයෝජිතයින් විසින් ඇමැතිවරයාට පෙන්වා දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට, මෙහි පවතින අඩුපාඩු සියල්ල මසක කාලයක් තුළ පියවරෙන් පියවර සපුරා දීමට කටයතු කරන බවට පැවසීය.
බුද්ධිකා ඉඹුලාන


0 Comments