Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව මුහුණ දෙන අසීරූතාව ගැන සිතා ඇමැති ධූරයක් බාර නොගනිමි

පිවිතුරු හෙළ උරුමයේ නායක, පා.ම. උදය ගම්මන්පිල

නව ඇමැති මණ්ඩලය සැකසීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුහුණ දී ඇති දුෂ්කරතාව ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධූරයක් භාර නොගැනීමට තමා තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කියා සිටී.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කරණුයේ අන්තර්කාලීන ආණ්ඩුව තුළ ඇමැතිධූරයක් භාර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකේ බහුතරයකින් සම්මතවන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටියොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වන්නේ 2020 මාර්තු 01 දිනට පසුව බවත් ඒ අනුව පත්වී සිටින අගමැතිවරයාගේ ආණ්ඩුව පවතින්නේ දින සියයක් බවත් එම ලිපියේ සඳහන් වේ.

ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

‘ඔබට සහාය දුන් පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සිටින ඉහත කී දින සීයේ අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමැති ධූර අපේක්ෂා කරන හිටපු කැබිනට් ඇමැතිවරු ගණන 38කි. එමෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරු නොවන දිස්ත්‍රික් නායකයින් ගණනාවක්ද කැබිනට් ඇමැතිධූර අපේක්ෂාවෙන් සිටිති. ඔබ මුලින්ම යෝජනා කළේ, ඇමැතිවරු දහයක ඇමැති මණ්ඩලයකි. නමුත් දැන් ඇමැතිධූර ගණන 15 දක්වා ඉහළ නංවා ඇතත් එය සැකසීම අතිශයින්ම දුෂ්කර බව දනිමි.

නව ඇමැති මණ්ඩලය සැකසීමේදී ඔබ සහ අගමැතිවරයා මුහුණ දී ඇති දුෂ්කර තාවය ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධූරයක් භාර නොගැනීමට මම තීරණය කළෙමි. එමගින් ඔබලා මුහුණ දී ඇති පීඩන යම් ප්‍රමාණයක් හෝ අඩුවනු ඇතැයි මම සිතමි.‘යනුවෙන් එහි සඳහන් වේ.

මෙම ලිපියේ පිටපතක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙතටද යොමුකර තිබේ.

උපාලි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();