මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
ජනාධිපතිවරණ කාල සීමාව තුළදී අඛණ්ඩ වැඩවර්ජන පැවැත්වීමෙන් වළකින ලෙස වර්ජකයන්ගෙන් ඉල්ලා සිටින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදාළ වෘත්තීය සමිති ගැටළු සාකච්ඡාවෙන් විසඳා ගන්නා ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය සේවයේ වැඩවර්ජන හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවල බිඳ වැටීම් මෙන්ම ජනාධිපතිවරණය කෙරෙහි සිදු වන බාධා වළක්වාගැනීම සඳහා අවශ්‍ය වටපිටාව පවත්වා ගැනීමේ වැදගත්කම මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කිරීමෙන් පසු රාජ්‍ය සේවාවේ විවිධ වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩවර්ජන මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවත් තවත් වැඩවර්ජන කිහිපයක් නාමයෝජනා දැන්වීමේ පෙර සිටම ආරම්භ වී තිබූ බවත් පවසන මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් වන තැපැල් සේවය ද වැඩවර්ජනය කිරීමට සූදානමක් පවතින බව ද නිරීක්ෂණය වී ඇතැයි පවසයි.
රාජ්‍ය සේවකයන් සියලු දෙනා එක්ව ස්වකීය කාර්යන් ඉටු කිරීමට යොමු නොවුනහොත් ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රකාශයට පත් කරන ජාතික මහාමැතිවරණයක් නිසි ලෙස පැවැත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
සුභාෂිණී සේනානායක සහ මැද කොළඹ සමූහ


0 Comments