වතුකර ජනයාගේ පූර්ණ සහයෝගය සජිත්ට
රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන්
වතුකරයේ ජනතාවට පුරවැසි භාවය ලබාදුන් හිටපු ජනපති ප්‍රේමාදාස මහතාට කෘතගුණ දක්වීම පිණිස මෙවර වතුකරයේ ජනතාවගේ පූර්ණ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීම පිණිස ඊයේ (06) දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මෙහෙයවීමෙන් හැටන් ඩී.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී පැවැති ජන හමුවකදී ඒ මහතා මේබව කීවේය.
වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය හිමිවුණේ ආර්.ප්‍රේමදාස මහතා 1988 දී වතු ජනතාවට පුරවැසි භාවය ලබා දීමට පියවර ගත් නිසා බවත් මේ නිසා මෙවර ජනපතිවරණයේදී පක්ෂ,පාට නොබලා ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ජනපති කරවීමට වතු ජනතාව පෙළ ගැසී සිටින බවත් රාධාක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේය.
ජනපති ධූරයට තරඟ කරන කාට වුවත් ඡන්දය ලබා දීමට වතු ජනතාවට හිමිකම ලැබී තිබෙන්නේ ප්‍රේමදාස ජනපති තුමා නිසා බවත් ඒ නිසා සජිත්ට එරෙහිව වතු ජනතාවගේ ඡන්දය ඉල්ලීමට පවා අනෙකුත් අපේක්ෂකයින්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් හෙතෙම කීවේය..
මෙම රැළියට අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්,මනෝ ගනේෂන්,සුජීව සේනසිංහ,පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


0 Comments