සෞඛ්‍ය ඇමැති පවසයි
විභාග වලදී සිදු වූ යම් කිසි අපහසුතාවයක් නිසා පත්වීම් ලබාදීමට නොහැකි වූ සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයේ මහත්ම මහත්මීන් ද නොබෝ දිනකින් මෙම සේවාවට එක්වන බවත්, නවීන තාක්ෂණය සමග කාර්යක්ෂමව තීන්දු තීරණ ගත යුතු බවත්, තව නොබෝ දිනකින් තවත් ඖෂධ වර්ග 30 ක මිල පාලනය පියවර ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා - මෙම උත්සව අවස්ථාවට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී එම සේවය සංවෘත සේවයක් ලෙස නැවත ස්ථාපිත කිරීමේ ජයග්‍රහණය සැමරීම සිදු කෙරිණ. මෙම කාර්යයට නායකත්වය දුන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මැතිණියට උපහාර පිදීම මෙහි සුවිශේෂීතම අවස්ථාව විය. මෙම උත්සවය පැවැත්වුණේ බියගම විලේජ් හෝටල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (04) දිනයි.
“සෞඛ්‍ය කළමණාකරණ සේවයේ බඳවා ගැනීමට අදාල කටයුතු අපි සිදු කළා. එහිදී විභාග වලදී සිදු වූ යම් කිසි අපහසුතාවයක් නිසා පත්වීම් ලබාදෙන්න බැරි වුනා. නැත්නම් එම පිරිසත් මෙම උත්සවයේ ඉන්නවා. ඒ් අනුව තව නොබෝ දිනකින් පළමුවැනි වරට තේරී පත්වන සෞඛ්‍ය කළමණාකරණ සේවයේ මහත්ම මහත්මීන් මෙම සේවයට බැඳෙනවා. මෙම සේවාව පුළුල් වෙනවා. අපි දන්නවා කවදාවත් 900 බඳවා ගන්න බැහැ රාජ්‍ය කළමණාකරණ සේවයේ හිටියට. 900 ඉල්ලුවොත් 200 ක් ලැබෙයි ඉතිරි 700 පුරප්පාඩුයි. මෙම 900 ත් මදි වෙනවා. තවත් අපට බඳවා ගැනීමට සිදු වෙනවා. සෞඛ්‍ය කළමණාකරණ සේවය පරිපාලනය පිළිබද ඉතා වැදගත් සේවයක්. අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, සහ රෝහල් තුල පරිපාලනය සිදු කෙරනවා. ඊට අමතරව අනෙකුත් ස්ථාන වල ද පරිපාලන කටයුතු සිදු කෙරෙනවා. ලිපි ලේඛණ ආශ්‍රිත තොරතුරු අපි බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සේලාගෙන්.
හැම විෂයකටම අදාල ලිපිගොනුව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය, කළමණාකරණ සේවක මහත්ම මහත්මින් අතින්. මේක රාජ්‍ය කළමණාකරණ සේවය නොවෙයි, සෞඛ්‍ය කළමණාකරණ සේවය. හැම තත්ත්පරයක්ම වටිනවා. මිනිසුන්ගේ ජිවිත තීරණය වෙන්නේ එතනින්. එම නිසා රෙගුලාසි වල තියෙන වචන වලට වඩා තමන්ගේ හදවතේ ඇතිවන හැගීම ඊට වඩා ප්‍රබල විය යුතුයි. එතකොට මේ තින්දු තීරණ ගන්න පහසුයි. අපි මේකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සදහායි මෙම සේවාව පිහිට වූයේ. ඔබගේ අත්දැකීම් එක්ක මෙම සේවාවන් ක්‍රියාත්මක කළ යතු වෙනවා. නවීන තාක්ෂණය සමග කටයුතු කරන නිසා ඔබතුමන්ලා කාර්යක්ෂම විය යුතුයි. තීන්දු ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුයි. නිදහස් සෞඛ්‍ය සේවාව වැදගත් වන්නේ දුප්පත් අහිංසක ජනතාවට. මුදල් තිබෙන අයට නොවෙයි.”
මෙහිදී රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත උපහාර තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.


0 Comments