Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය වර්ජනය12වන දිනටත්

දුම්රිය වර්ජනය අද (07) 12 වන දිනටත් තවදුරටත් කි‍්‍රයාත්මකය. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබුණද, වර්ජනය නතර නොකරන බව දුම්රිය වෘත්තීය සමිති ප‍්‍රකාශ කරයි.
 
මේ අතර ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ සියලූ කාර්යාලයීය දුම්රිය ද්විත්ව දුම්රිය බවට පත්කර ධාවනය කරවීමට කටයුතු කරන බවයි.
 
අද උදෑසන කාලයේ දුම්රිය 30 ක් පමණ ධාවනය කරවීම සැලසුම වී තිබේ. 
 
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ද සියලූ රාජ්‍ය සේවකයින්ගෙන් ඊයේ(06) ඉල්ලා සිටියේ ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වර්ජන කි‍්‍රයාමාර්ගවල නිරතවීමෙන් වළකින ලෙසයි.
 
කෙසේවෙතත්, වර්ජනය අත්නොහැරීමේ තීරණයක සිටින බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සදහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();