ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද(07) සිදු කෙරේ .
අද පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර පෙරවරු 11.30 දක්වා භාරදෙන නාමයෝජනා සම්බන්ධව විරෝධතා දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.
මේ හේතුවෙන් රාජගිරිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට පාසල් කිහිපයක් වසා තැබෙන අතර විශේෂ රථ වාහන සැළස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ රථ වාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකු ද ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1200ක පිරිසක් ද යෙදවීමට නියමිත බවය. එසේම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ආරක්ෂක සේවයේ යොදවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නාම යෝජනා භාරගැනීමේ කාලය තුළ රථ වාහන පෙලපාලි, පුද්ගල පෙලපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම් බවය. එසේම කටවුට්, බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කර තිබීම ද නීතියෙන් තහනම් කර තිබේ.
ඊයේ මධ්‍යහ්න 12.00න් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරමේ කාලය අවසන් වූ අතර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබිණි.
ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 19ක්, ස්වාධීන කණ්ඩායම් 19ක් සහ වෙනත් පක්ෂ 03ක් අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබේ.
ලබන මස 16 වැනිදා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය පැවැත්වෙන අතර එක්කෝටි පනස් නම ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
The post නාම යෝජනා අද පෙරවරුවේ. appeared first on Lanka News Column.

0 Comments