හොරොව්පතාන ශ්‍රී ස්වර්ණාතිලකාරාම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් දෙනමට අමානුෂික ලෙස පහර දුන් චමින්ද ගලබොඩ නොහොත් උටියා නැමැත්තා රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.
ඒ, පදවිය සංචාරක මහේස්ත්‍රාත් හර්ෂණ අල්විස් මහතා හමුවට අද(24) ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවත් සැකකරුට ඇප ලබාදීමට සාමනේර දෙනමගේ විරුද්ධත්වයක් නොමැති බවත් පොලීසිය එහිදී දැනුම් දෙන ලදී. අනතුරුව සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බව වාර්තාෙව්.
0 Comments