ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පකිස්තාන තරග සංචාරයට එක්වීමට අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මෙම තරග සංචාරයේදී ශ්රී ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග තුනකට සහභාගිවීමට නියමිතව තිබේ.
පාකිස්තාන රජය ප්රකාශ කරන ආකාරයට මෙම තරග සංචාරයට එක්වන ශ්රී ලංකා කණ්ඩායමට රාජ්ය නායකයෙකුට සපයන ආරක්ෂාවක් ලබා දීමට සුදානම්ය.
ශ්රී ලංකා – පාකිස්තාන පළමු එක්දින ක්රිකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්ෙවනු අැත.
0 Comments