ගේම් ඔෆ් ත්රෝන්ස් නැවතත් ලොව අංක එකේ රූපවාහිනී කතාමාලාව බවට පත් කරමින් 71වන එමී සම්මාන උළෙල ලොස් ඇන්ජලීස්හිදී නිමාවට පත්විය. ලොව පුරා රසික උන්මාදයක් ඇති කළ මේ කතාමාලාව මෙවර සම්මාන උළෙලේදී සම්මාන 32කට නිර්දේශ ලබා තිබුණු අතර ඉන් 12ක්ම හිමි කරගැනීමට සමත් විය.
ඒ අතර හොඳම කතාමාලාවට හිමි සම්මානය කැපී පෙනුණි. මේ සම්මානය ගේම් ඔෆ් ත්රෝන්ස් විසින් හිමි කරගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර සමස්තයක් ලෙස මේ වන විට එමී සම්මාන 59කට මේ කතාමාලාව හිමිකම් කියයි.
හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත් පීටර් ඩින්ක්ලේජ්ට එම සම්මානය හිමි වූයේ ද සිවුවන වරට වීම කැපී පෙනුණි. මේ කතාමාලාව අවසන් වූ ආකාරය පිළිබඳ බොහෝ ප්රේක්ෂකයන් එතරම් සතුටු නොවුණ ද ගේම් ඔෆ් ත්රෝන්ස්හි මෙවර ජයග්රහණය පිළිබඳ ඔවුන් සතුටු වන බව සමාජ ජාලා පරිහරණයේ දී දක්නට ලැබුණකි.
0 Comments