පාපන්දු තරග නැරඹීමට ඉරාන කාන්තාවන් සඳහා වූ තහනම ඉවත් කර ඇති බවට වාර්තා වේ. තරගයකට සහභාගී වීම නිසා තමන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඉරාන තරුණියක විසින් මේ මස මුල දී ගිනි තබා ගැනීමෙන් සිය දිවි නසා ගත්තේය.
එම සිදුවීමෙන් පසු ෆිෆා (FIFA) සභාපතිවරයා ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර මේ අනුමැතිය හිමිව ඇත්තේ ඒ අනුවය. ඒ අනුව ඉරාන කාන්තාවන් සහභාගි වන පළමු තරගය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක් වන අතර එය නොවැම්බර් මස පැවැත්වෙනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
0 Comments