ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි පිළිගැනීමට 50,000කට අධික ජනතාවක් එක් වූ පුවතක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයෙන් වාර්තා වේ. "Howdy, Modi!" ලෙසින් නම් කළ මේ රැලිය රාජ්‍ය නායකයකු පිළිගැනීම සඳහා අමෙරිකානුවන් එක් වූ ඓතිහාසික අවස්ථාවක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා ඇත.
රාජ්‍ය නායකයන් දෙපළ වේදිකාවට ගොඩවීමට මත්තෙන් රංගන ශිල්පීන් 400ක එකතුවෙන් විනාඩි 90ක කාලයක් පුරා විශේෂාංග රැසක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ. දෙරට අතර මිත්‍රකම පිළිබඳ රාජ්‍ය නායකයන් දෙපළම අදහස් දක්වා ඇති අතර මේ අවස්ථාව මොවුන් දෙදෙනාටම දේශපාලනික වශයෙන් වාසි සහගත බව දේශපාලන විශේෂඥයෝ මත පළ කරති.
0 Comments