ජාක් තෙවැනි වරට දක්ෂතම ධාවකයා වෙයි
අශාන් සිල්වා පස්වැනි වරටත් දක්ෂතම මෝටර් රථ ශූරයා ලෙස ගජබා මෝටර් රථ ශූරතාව දිනාගත් අතර ජාක් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව 18 වැනි වරට සංවිධාන කළ ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ගජබා ධාවන පථයේදී පැවැත්විණි.
එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගෙන වේගවත්ම රියදුරු ලෙස පිට පිට තෙවැනි වරටත් අශාන් සිල්වා ගජබා මෝටර් රථ කිරුළ හිමිකරගත් අතර ජාක් ගුණවර්ධන වේගවත්ම ධාවකයා ලෙස එම්. එක්ස්. 125 සී.සී. (2ටී.)/250 සී.සී. (4ටී.) පළමු තරගයෙන් දෙවැන්නා ලෙස හා දෙවැනි තරගයෙන් ප්‍රථමයා ලෙස තරගය නිමා කරමින් දක්ෂතම යතුරුපැදි ධාවකයා විය. ඔහු මේ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර අශාන් සිල්වා මේ ධාවන පථයේදී වේගවත්ම ධාවකයා ලෙස අභිෂෙක් ලැබු පස්වැනි අවස්ථාව මෙයයි.
සියැට් - ස්ලඩා තරගමාලාවේ දෙවැනි ග්‍රැවල් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලෙස සංවිධාන වු ගජබා සුපර්ක්‍රොස් 2019 තරගාවලියට මෝටර් රථ තරග ඉසව් 12ක් ඇතුළත්ව තිබූ අතර යතුරුපැදි තරග ඉසව් 12කින්ද සමන්විත විය.
තරගාවලියේ වර්ණවත් මෙන්ම වේගවත්ම තරග ඉසව්ව වු එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසවේ පළමු තරගයේදී අශාන් සිල්වා ප්‍රථමයා ලෙස පෙළ ගැසුණු අතර වට අටකින් සමන්විත තරග ඉසව්ව නිමාවන තෙක් ඔහු පෙරමුණේ පසුවිය. අශාන් පසුපස හඹාගිය කුෂාන් වට 5ක් යනතුරු දෙවැනි ස්ථානයේ රැදුනත් පස්වන වටයේ කුෂාන්ගේ අතපසුවිමකින් දෙවැනි තැන ගැනිමට උෂාන් සමත් විය. කුෂාන්ට හිමි වුයේ තෙවැනි ස්ථානයයි. එම ඉසව්වේ දෙවැනි තරගයෙන්ද අශාන් ජයගත් අතර කුෂාන් උෂාන්ට අභියෝග කරමින් දෙවැන්නා විය.
තරගාවලියේ දෙවැනි වේගවත්ම තරග ඉසව්ව ලෙස ආරම්භ වු එස්.එල්./එච්. 1618 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් රන්දික නිරෝෂ් ජයගත් අතර එස්.එල්./ එස්. 1500 සී.සී. විශේෂිත මෝටර් රථ තරග ඉසව්ව නිමා වුයේ අර්බුදකාරී වාතාවරණයක් මතුකරමිනි. ෂෙහාරා ජයවර්ධනට ජය හිමිවුවත් තරගය අතරතුර සිදුව තිබු අනතුරක් නිසා තරග තීරක විසින් ලබාදුන් තීන්දුවට අවනත නොවු ජයග්‍රාහකයන් කුසලාන ලබා ගැනීමට නොපැමිණියහ.
මේ වසර ආරම්භයේ සිටම මෝටර් රථ හා යතුරුපැදි යන දේ අංශයෙන්ම ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන කේෂර ගොඩයේ එස්.එල්./ඊ. කාණ්ඩායේ 1000සී.සී. නිසාන් මාච් ඉසව්වෙන් සහ එස්.එල්./ඊ. නවීකරණය නොකරන ලද 1300 සී.සී.ෆෝඩ් ලෙසර් /මැස්ඩා ඉසව්වෙන්ද ජය ගැනීම කැපී පෙනුණි.
අශාන්, කේෂර, උපුල්වන් හා ෂෙහාරා ගජබා මෝටර් රථ තරග ඉසව්වලින් කැපීපෙනෙන දස්කම් දක්වද්දී ඉවෝන් බියාජි තරග තුනකදී ප්‍රථමයා වෙමින් ද එක් තරගයකයකදී දෙවැන්නා වෙමින්ද, ඉමල් මංචනායක තරග ඉසව් දෙකකින්ද ජයගනිමින් යතුරුපැදි අංශයෙක් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
පළමු ‘එම්. එක්ස්.’ 125 සී.සී. (2ටී.) / 250 සී.සී. (4ටී.) ශූරතා තරගයෙන් ජයගත් ඉවෝන්ට දෙවැනි ශූරතා තරගයෙන් දෙවැනි ස්ථානය හිමිවිය. පළමු තරගයෙන් දෙවැන්නා වු ජාක් ගුණවර්ධන දෙවැනි තරගයෙන් ප්‍රථමයා වෙමින් දක්ෂතම හා වේගවත්ම යතුරුපැදි ධාවකයා ලෙස ගජබා කුසලානය දිනා ගැනීමට සමත් විය. ජාක් හා ඉවෝන් සම ප්‍රසාද ලකුණු ලබාගෙන තිබුණත් තරග නීති රීති අනුව දෙවැනි තරගයේ ජයග්‍රාහකයා වු ජාක් දක්ෂතම ධාවකයා විය.
එම්.එක්ස් කාණ්ඩයේ සුපර් මෝටාඩ් තරගයෙන් හා එම ඉසව්වේම විවෘත තරගයෙන් ජයගත් ඉමල් මංචනායක සුපුරුදු ලෙස ආනන්ද වෙඩිසිංහ කුසලානය දිනාගැනිමට සමත් විය. ඉවෝන් බීයාජී ගුරුසිංහ ‘එම්.’ කාණ්ඩයේ 100-125සී.සී. (2ටී.)/ 175 – 250 සී.සී. (4ටී.) යතුරුපැදි ඉසව් දෙකෙන්ම ජයගත් අතර තාරුක රෝමේෂ් ‘ජේ.’ කණ්ඩයේ එම්.එක්ස්. 85 සී.සී. අවුරුදු 15න් පහළ යතුරුපැදි තරගයෙන් ජයගත් අතර සමීර ප්‍රේමරත්න “එම්.එක්ස්.“ කාණ්ඩයේ 125සී.සී. තරගයත්, ‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 125සී.සී. තරග ඉසව්වෙන් කේ.ඒ.ඩී. රවීෂටත් ජය හිමිවුහ.
ඉරෝෂ සමරසේකර ‘ජේ.’ කණ්ඩයේ එම්.එක්ස්. 85 සී.සී. වසය අවුරුදු 12න් පහළ තරගය ජයගත් අතර එන්.කේ. ඉමාෂ ‘ජේ.’ කණ්ඩයේ 65 සී.සී. අවුරුදු 10න් පහළ ඉසව්වෙන් ජයගත්තේය. එන්.කේ. ඉමාෂට ‘ජේ.’ පී.ඩබ්ලිව්. කණ්ඩයේ එම්.එක්ස්. 50 සී.සී. වසය අවුරුදු 10න් පහළ තරග ඉසව්වෙන් ජය හිමිවිය.
මෙවර තරගාවලියේදී මෝටර් රථ හා යතුරුපැදි දෙඅංශයේම කණ්ඩායම් ශූරතා දිනා ගැනිමට සියැට් කණ්ඩායම් සමත් විය.
මේ තරගාවලිය අතරතුර දී පරිෂුට් සෙබලුන් පිරිසකගේ දක්ෂතාවයන්ද දැකගත හැකි විය. එමෙන්ම පසුගියදා දිවියෙන් සමුගත් පැරෂුට් ශූර චම්පික කුමාරසිංහ සෙබළා වෙනුවෙන් ගජබා රෙජිමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා අතින් රුපියල් ලක්ෂයක මුදලක් ප්රදානය කිරීමද මෙහිදී සිදුවිය. කෙසේ වෙතත් වසර ගණනාවක් යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් ලබාදුන් මුදල් ත්‍යාග පිරිනැමීම මෙවර සිදු නොවීම පිළිබඳ යතුරුපැදි ධාවකයන් සිය කනගාටුව ප්‍රකාශ කර සිටියහ.
තරග ප්‍රතිඵල
යතුරුපැදි
‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 125සී.සී.
*.කේ.ඒ.ඩී. රවීෂ, 2.නිහාල් විජේරත්න, 3.මධුර පිරීස්
‘ජේ.’ කණ්ඩයේ 65 සී.සී. (අවුරුදු 10න් පහළ)
*.එන්.කේ. ඉමාෂ, 2.එල්.පි.ටී. අනූෂ, 3.එම්.එච්.සකීබ්
‘එම්.’ කාණ්ඩයේ 100-125සී.සී. (2ටී.)/ 175-250 සී.සී. (4ටී.) පළමු තරගය
*.ඉවෝන් බීයාජී ගුරුසිංහ, 2.ශානුක ජයනා සඳරුවන්, 3.ලහිරු ජීවන්ත
‘ජේ.’ කණ්ඩයේ එම්.එක්ස්. 85 සී.සී. (වසය අවුරුදු 9 – 12 අතර)
*.ඉරෝෂ සමරසේකර, 2.දිනෙත් මිහිරංග, 3.හිරුෂ පාදුක්ක
‘එම්.එක්ස්.’ කාණ්ඩයේ 100-125සී.සී. (2ටී.)
*.සමීර ප්‍රේමරත්න, 2.ලහිරු ජිවන්ත, 3.කේ.ඒ.ඩී. රවීෂ
‘එම්. එක්ස්.’ 125 සී.සී. (2ටී.)/250 සී.සී. (4ටී.) පළමු තරගය
*.ඉවෝන් බියාජී ගුරුසිංහ, 2.ජාක් ගුණවර්ධන, 3.සමීර ප්‍රේමරත්න
එම්.එක්ස් කාණ්ඩයේ සුපර් මෝටාඩ්
*.ඉමල් මංචනායක, 2.දේශාන් සොලංකී, 3.පැතුම් ධනංජය
‘ජේ.’ කණ්ඩයේ එම්.එක්ස්. 50 සී.සී. (අවුරුදු 5 - 10 අතර)
*.එන්.කේ. ඉමාෂ, 2.හිමාෂ පාදුක්ක, 3.බී.එම්. සඳරු
‘එම්.’ කාණ්ඩයේ 100 – 125සී.සී. (2ටී.)/ 175 – 250 සී.සී. (4ටී.) දෙවන තරගය
*.ඉවෝන් බීයාජී ගුරුසිංහ, 2.ශානුක ජයනා සඳරුවන්, 3.සුපුන් චතුරංග
‘ජේ.’ කණ්ඩයේ එම්.එක්ස්. 85 සී.සී. (අවුරුදු 15)
*.තාරුක රෝමේෂ් ඩී.සිල්වා, 2.කේෂර ගොඩගේ, 3.ගගන ප්‍රනාන්දු
එම්.එක්ස් කාණ්ඩයේ සුපර් මෝටාඩ් (විවෘත)
*.ඉමල් මංචනායක, 2.දේශාන් සොලංකී, 3 බුද්ධික දිනේෂ්
‘එම්. එක්ස්.’ 125 සී.සී. (2ටී.) / 250 සී.සී. (4ටී.) දෙවන තරගය
*.ජාක් ගුණවර්ධන, 2.ඉවෝන් බියාජී ගුරුසිංහ, 3.භානුක රත්නායක
මෝටර් රථ
එස්.එල්./ඊ. කාණ්ඩායේ 1000සී.සී. නිසාන් මාච්
*.කේෂර ගොඩගේ, 2.දිලුක්ෂ සඳරුවන් පෙරේරා, 3.තරංග නිරෝෂ් ජීවන්ත
එස්.එල්./ඒ. මිනි 07 මෝටර් රථ
*.නාමල් සිල්වා, 2.ඉම්රාස් ෆෝරෝස්, 3.ප්‍රසාද් වික්‍රමසිංහ
එස්.එල්./ඊ. නවීකරණය නොකළ 1300 සී.සී.ෆෝඩ් ලෙසර් /මැස්ඩා
*.කේෂර ගොඩගේ, 2 ශාමේල් වැගෝඩපොල, 3.කෝලිත එදිරිසිංහ
එස්.එල්./එච්. 1275සී.සී. මිනි මෝටර් රථ
*.සඳරු වීරසිංහ, 2.කුෂාන් පෙරේරා, 3.නිසාත අල්විස්
එස්.එල්./ එන්. නවීකරණය නොකළ 1300 සී.සී. ෆෝඩ් ලෙසර් /මැස්ඩා
*.උපුල්වන් සේරසිංහ, 2.රෝමේෂ් ගුණවර්ධන, 3.මිහාන් පිරීස්
එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ (පළමු තරගය)
*.අශාන් සිල්වා, 2.උෂාන් පෙරේරා, 3.කුෂාන් පිරීස්
එස්.එල්./ එන්. 1500 සී.සී. ෆෝඩ් ලෙසර් /මැස්ඩා මෝටර් රථ
*.තරිඳු ධර්මරත්න, 2.ලලින් කිරින්දේ, 3.උපුල්වන් සෙරසිංහ
ට්‍රක් හා ජීප්රථ (පෙට්‍රල් හා ඩීසල්) විවෘත
*.බුද්ධික රුක්ලන්ත, 2.දුමින්ද ජයසිංහ, 3.ඔමාර් රුෂිති
එස්.එල්./ එස්. 1500 සී.සී. විශේෂිත මෝටර් රථ
*.ෂෙහාරා ජයවර්ධන, 2.ෆාම් නිව්මාන්, 3.නදීර ජිනසේන
එස්.එල්./එච්. 1618සී.සී. මෝටර් රථ
*.රන්දික නිරෝෂ්, 2.දෙවින් සේරසිංහ, 3.උපුල්වන් සේරසිංහ
එස්.එල්./එච්. සුභාරු ලෙගසී 2200සී.සී.
*.මල්ලික කුරුවිටආරච්චි, 2.ශිරාන් ඩෝල්, 3.නයිජල් පෙරේරා
එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ (දෙවැනි තරගය)
*.අශාන් සිල්වා, 2.කුෂාන් පිරීස්, 3.උෂාන් පෙරේරා
ඡායාරූප - ගීෂා මුණසිංහ
0 Comments