සංචාරක බංග්ලාදෙශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 2කින් සමන්විත සිවුදින තරගාවලියේ පළමු තරගය අද (23) කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල අශාන් ප්රියංජන්ගේ නායකත්වයේ තරග වදින අතර බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට මොමිනුල් හක් නායකත්වය ලබාදෙයි.
19 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සංචිතයට පසුගියදා නිමාවට පත්වූ බංග්ලාදේශයේ සංචාරය කළ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම නියෝජනය කළ කණ්ඩායමේ නායක චරිත් අසලංක සමගින් පැතුම් නිශ්ශංක, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අශේන් බණ්ඩාර, ශිරාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු එක්ව සිටිති. ළහිරු උදාර පළමු වරට ‘ඒ’ කණ්ඩායමට කැඳවා තිබේ.
මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව දෙපිලේ නායකයන් සහ පුහුණුකරුවන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ නායක අශාන් ප්රියංජන් පැවැසුවේ මේ තරගාවලිය සඳහා තමා ඇතුළු කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි.
‘අපි මේ තරගාවලියට හොඳ සූදානමකින් ඉන්නවා. අපි ඉන්දියාවත් එක්ක ඉන්දියවේ ක්‍රීඩා කරපු තරගාවලිය හොඳ අත්දැකීමක් වුණා. ඊට පස්සේ අපි පසුගිය මාස තුන හතරේදි එක දිගටම පුහුණුවීම් කළා. වැස්සෙත් අපි හොඳමට පුහුණුවීම් කලා.
මේ කණ්ඩායමට පසුගියදා නිමාවූ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනකුත් එක්කර තිබෙනවා. මම හිතනවා ඒ අයගෙන් වැඩි දෙයක් කණ්ඩායමට ගන්න පුළුවන් වෙයි කියලා’. ප්‍රියන්ජන් පැවැසීය.
පාකිස්තානය සංචාරයට එක්වීමට තමා තුළ බලාපොරොත්තුවක් තිබූ බවත්, එහෙත් ඊට තමාට අවස්ථාවක් නොලැබුණු බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු රෝයි ඩයස් සහ බංග්ලාදේශ ‘ඒ’ පිලේ පුහුණුකරු චම්පක රාමනායක මහත්වරුන් මෙහිදී පැවැසුවේ මේ තරගාවලිය දෙපිළේම ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට දොරගුළු විවර කර ගැනීමට මේ තරගාවලිය ඉතා වැදගත් එකක් වන බවයි.
ඉන්දියාව සමග ඉදිරියේ පැවැත්වෙන තරගාවලියට පෙර හොඳ සුදානමක් පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් මේ සංචිතයට එක්කර ඇති බවත්, ඔවුන්ට යළිත් හොඳ තත්ත්වයට ඒමට මේ තරගාවලිය වැදගත් වන බවත් රාමනායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ‘ඒ’ සිවුදින සංචිතය
අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සංගීත් කුරේ, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අශේන් බණ්ඩාර, මනෝජ් සරත්චන්ද්‍ර, චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, මාලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ.
0 Comments