Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැපැල් එල්ලේ තරගාවලියේ ශූරතා බස්නාහිර උතුරට

ලෝක තැපැල් සේවාව ආරම්භ වී වසර 145ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 145 වැනි තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ අන්තර් පළාත් එල්ලේ තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව සහ කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනීමට බස්නාහිර උතුර එල්ලේ කණ්ඩායම් සමත්වූහ.

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවැති තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී බස්නාහිර උතුර කණ්ඩායම හමුවේ වයඹ එල්ලේ කණ්ඩායම පරාජයට පත්විය. බස්නාහිර උතුර ක්‍රීඩිකාවෝ ශූරතාව අත්කර ගත්තේ අවසන් තරගයේදී ඌව පළාත් කණ්ඩායම පරාජය කරමිනි. දිවයිනේ පළාත් 7ක් නියෝජනය කරමින් තැපැල් සේවක එල්ලේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් මේ තරගාවලියට එක්වූ අතර උතුරු සහ නැඟෙනහිර කණ්ඩායම් මේ තරගාවලියට එක් නොවුහ. ලෝක තැපැල් සේවාව අනුස්මරණය කරමින් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන අතර එහි අවසන් මහා තරග ඉදිරි දිනකදී කුරුණෑගල දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි තැපැල් අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

කළුතර මධ්‍යම විශේෂ

එච්.එල්.සුනිල් ශාන්ත

පී.එම්.පත්මසූරිය-අගලවත්ත සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();