Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එංගලන්තයට විශිෂ්ට ජයක්

උත්සාහක දිනුම් දෙකක්ම වාර්තා කළ සෙන්ටර් ක්‍රීඩක මැනූ ටුයිලාගිගේ දස්කම් මතින් ඉදිරියට ගිය එංගලන්ත පිල ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොංගා කණ්ඩායම සමග පැවැති සිය පළමු තරගයෙන් ලකුණු 35-3ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණකට හිමිකම් කීමට ද එංගලන්තය සමත්විය.

තරගයේ පළමු භාගයේ සිටම ටොංගා ක්‍රීඩකයන් දැඩි පිඩනයකට ඇද දැමීමට එංගලන්ත ක්‍රීඩකයන් සමත්වූ අතර එම භාගයේ 24 වැනි සහ 31 වැනි මිනිත්තුවලදී ටුයිලාගිගේ උත්සාහක දිනුම් දෙක වාර්තා විය.

තරගයේ 9 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සොනාටනේ ටකුලූවා ටොංගා පිල ලකුණු 3-0කින් ඉදිරියට ගෙන ගිය අතර11 වැනි මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් එංගලන්ත පිලේ නායක ඕවන් ෆැරල් ලකුණු 3-3කින් තරගය සම කළේය. ටුයිලාගිගේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ ෆැරල් 37 වැනි සහ 43 වැනි මිනිත්තුවලදී තවත් දඬුවම් පහර 2ක්ම සාර්ථක කිරිමත් සමග පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 18-3කින් එංගලන්තය පෙරමුණට තබමිනි.

දෙවැනි භාගයේ ටොංගා ක්‍රීඩකයන් තවත් පීඩනයට ඇද දැමූ එංගලන්ත පිලේ ජෙමී ජොර්ජ් 57 වැනි මිනිත්තුවේදිත්, ලූක් ඩිකී 77 වැනි මිනිත්තුවේදිත් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එම උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කිරීමට එංගලන්ත පිලේ නායක ෆැරල් සමත්විය.‍

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();