Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගනර් සුපර්ක්‍රොස් ඔක්. 6 දා මින්නේරියේදී

ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් රුපසිංහ මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ආර්. පී. ද සිල්වා මහතා වෙත අනුග්‍රහකත්වය පිරි නැමූ අයුරු. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මින්නේරිය තමන්කඩුව කාලතුවක්කු හමුදා කඳවුරේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් කේ.පී.එස්. ප්‍රේමලාල් මහතාද මෙහි සිටී.

මෙරට ප්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියක් වන ගනර් සුපර්ක්‍රොස් ලබන ඔක්තෝබර් මස 6 වැනිදා තමන්කඩුව‍, මින්නේරිය ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය හා එක්ව 14 වැනි වරටත් සංවිධාන කරන ගනර් සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ තරග ඉසව් ‍12ක් හා යතුරුපැදි තරග ඉසව් 10 ක් ඇතුළත්ය. එමෙන්ම එම්.එක්ස්. සුපර්මෝටාර්ඩ් තරග ඉසව් දෙකක් ද ඇතුළත්වී තිබේ.

පසුගිය වසර 13 පුරා ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය සංවිධාන කරමින් රැස්කරගත් අරමුදල් යෙදවීමෙන් මියගිය හා සේවයේ යෙදී සිටින කාලතුවක්කු හමුදා සාමාජිකයන්හට නිවාස තනාදී, හමුදා කඳවුරුවල යටිතල පහසුකම් දියුණු කිරීම හා අවම පහසුකම්ලත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුලු සමස්ත කාලතුවක්කු හමුදා සමාජිකයන්ගේ සුභසාධන කටයුතු අරමුණු කරගත් ව්‍යාපෘතීන් රැසක් ඉටු කරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ආර්. පී. ද සිල්වා මහතා ගනර් සුපර්ක්‍රොස් 2019 තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මේ තරගාවලිය වාර්ෂිකව සංවිධාන කිරීම මගින් ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට හැකිවූ බවත් ඒ මහතා සඳහන් කළේය. පොළොන්නරු පුරවරයේ සිසු දරුවන්ට හා මහජනතාවට විවෘත වු පිහිනුම් තටාකයන් ඉදිකිරීම මෙන්ම තෝරාගත් පාසල් හා සිසුන්ගේ අභිවෘධිය පිණිස ශිෂ්‍යත්ව පිරිනැමීම, පරිඝණක හා පාසල් උපකරණ ලබාදීම, වැසිකිළි හා ජල පිරිපහදු පද්ධති ලබාදීම වැනි සමාජ සත්කාරයන් සැම වසරකම ඉටු කර ඇති බව ද, මේ වසරේදීත් එවැනි වැඩකටයුතු රැසක් සැලැසුම් කොට ඇති බව ද මේජර් ජෙනරාල්වරයා කියා සිටියේය.

ගනර් සුපර්ක්‍රොස් තරගාවලියට 11 වැනි වරටත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරයි.

ගීෂා මුණසිංහ
ඡායාරුපය - ගීෂා මුණසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();