සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සුවපත් හෙටක් සවිමත් රටක් සංකල්පය යටතේ හෙද සේවයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව හෙද හෙදියන්ගේ වේදනා කළමනාකරණ පාඨමාලාව අද පෙරවරුවේ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
වේදනා කළමණාකරණ හෙද පුහුණුව මෙරට ප්‍රථම වරට ආරම්භ කෙරුණු අතර එහි 42ක කණ්ඩායමක් ඇතුලත් වෙයි.
පාඨමාලා කාලය මාසයක් පුරා පැවැත්වෙන අතර එයට වේදනා කළමණාකරණය පිළිබඳව න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණූව ඇතුලත් වෙයි.
පාඨමාලාව අවසානයේ අදාළ හෙද හෙදියන් තමන් සේවය කළ රෝහල් වෙතම අනුයුක්ත කීරීම සිදු කරන අතර ද නිල ඇදුමේ පැළදීම සඳහා විශේෂිත වු ලාංජනයක් ද පිරිනැමෙනු ඇත .
එහිදි මෙම හෙද පිරිසට පිළිගත් සහතික පත්‍රයක් සහ හෙද නිල ඇදුමේ පැළදීම සඳහා විශේෂිත වු ලාංජනයක් ද පිරිනැමෙනු ඇත.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) මහත්මිය සඳහන් කළේ තායිලන්තයේ චුලන්ගන් විශ්ව විද්‍යාලයෙන් වේදනා කළමණාකරණය පිළිබඳ පුහුණුව ලැබු ශ්‍රී ලාංකික හෙදියන් 25 දෙනෙකුගෙන් මෙම ක්ෂේත්‍රය මෙරට රෝහල් පද්ධතිය වෙත හදුන්වා දී තිබෙනවා.
0 Comments