නේෂන්ස් බැංකුවේ වවුනියාව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගිය දා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 45A දෙවන හරස් වීදිය, වවුනියාව යන ස්ථානයේ පිහිටා ඇත. මීට පෙර එම ශාඛාව අංක 222, නුවර පාර, වවුනියාව ස්ථානයේ පිහිටුවා තිබිණි. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගනුදෙනුකරුවන් සහ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 'Business Today' සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 95 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇතග ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.
from silumina
0 Comments