හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අද නියෝග කළේය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චිගේ නියෝගයකට අනුවයි.
මෙම පෙත්සම ඊයෙ දිනක කැදවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වීම අවසන් කර තිබුණි.
ඒ අනුව අද දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කරුණු දැක්වීම සිදු කළේය.
0 Comments