කංජාපානි ඉම්රාන්ගේ පියා ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි ලබන 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන්.
අදාළ නියෝගය අද නිකුත් කෙරුණේ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 12 වන දා සිරකරු සුබසාධන දිනය නිමිත්තෙන් රැඳවියන් බැලීමට පැමිණි අවස්ථාවේදී කංජිපානිගේ පියා , සහෝදරයා ඇතුළු ඥාතීන් සිව්දෙනෙකු කෑම බදුනක් තුළ සුක්ෂම සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් බන්ධනාගාර නිලධාරිහු සොයා ගත්හ.
0 Comments