බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසුගිය කාලයේ සිදු කළ ගණිත ජිල්මාට් හේතුවෙන් ගිනි පොලියට ණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවූ බවද ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කීය.
පසුගිය කාල වකවානුවේ රටේ දුප්පත්කම පිළිබඳව ව්‍යාජ සංඛ්‍යා ලේඛන බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ බවට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගයට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දෙමින් වැඩිදුරටත් මෙසේද කීය.
තමා ලබාදුන් පිළිතුරෙන් පසු බන්දුල ගුණවර්ධන මහතාට මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවන ලෙසද කී ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ අංක ගණිත ජිල්මාට් ආර්ථික පර්යේෂණ ඒකකය වසා නොදමන ලෙසද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා(26) බත්තරමුල්ල නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:
හිතවත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මම කළ ප්‍රකාශයක් ඔප්පු කරන්න දින හතක් ලබාදෙන බව ප්‍රකාශ කළා. දින හත තුළදී මගේ ප්‍රකාශය ඔප්පු කළොත් මන්ත්‍රීකමින් අයින් වෙනවා. එතුමා නායකත්වය ලබාදෙන ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමන බවත් ප්‍රකාශ කළා. මා සිතුවා බන්දුල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමට දින හතක් අවශ්‍ය නොවන බවත් පැය විසිහතරක් තුළ එයට පිළිතුරු ලබාදිය යුතු බවත්. මා ඉදිරිපත් කරන කරුණු කාරණා වලින් එතුමා ඉදිරිපත් කළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය හෙළිවෙයි. හැබැයි මොනම හේතුවකටවත් එතුමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්න එපා ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමන්නත් එපා කියා මා නැවත ප්‍රකාශ කරනවා.
බන්දුල ගුණවර්ධන මහතා 2012 වසරේ ප්‍රකාශ කරනවා මෙරට එක් පුද්ගලයෙකුට රුපියල් 2500කට අඩුවෙන් කාලා බීල නොමැරී සිටිය හැකිය බව. 2012 වසරේම ජන සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ කරනවා හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට ජීවත් වන්න රුපියල් 41444ක් අවශ්‍ය බව. ඒ අනුව එක් පුද්ගලයෙකුට රුපියල් 10361ක් අවශ්‍යයි. රුපියල් 2500කින් ජීවත්වන්න හැකියි එදා කියු පුද්ගලයා මම කියු අදහස් වලට අද අභියෝග කරනවා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අභියෝගය බාර ගැනීමට මම කැමැතියි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන උත්සවයේදී
මා ප්‍රකාශ කළේ, පසුගිය කාල වකවානුව පුරාවටම රටේ දුප්පත්කම පිළිබඳව බොරු ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ බව. රටේ ජනතාව සැනසීමට පත්කරන්නටත් ජාත්‍යන්තරය තුළ යම් ප්‍රසිද්ධියක් ලබා ගන්නටත් මහා ලොකුවට දුප්පත්කම අඩු වූ බවට සංඛ්‍යාලේඛන නිර්මාණය කර ඉදිරිපත් කළ බවට මා ප්‍රකාශ කළා. දැන් මා එය සංඛ්‍යාත්වකව ඉදිරිපත් කරනවා.
අංක ගණිත ජිල්මාට් එක මා දැන් පෙන්වනවා. සමෘද්ධිය මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනයි. මේ වැඩ සටහන තුළින් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව බැලූ විට දළ වශයෙන් සියයට විසි අටක්, තිස් එකක් පමණ වනවා. 2009 වර්ෂයේ සියයට 31යි. 2010 සියයට 30යි යනාදී වශයෙන් එය පෙන්වා දිය හැකියි. ඒ අනුව සියයට විසි තිස් ගණනත් අපේ රටේ දුප්පත්කම තුරන්කරලීමේ සමෘද්ධි ප්‍රතිලාභය ලබනවා. හැබැයි ජනසංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව හරහා කියනවා අපේ රටේ පවුල් පරපුරෙන් දුප්පත් ප්‍රතිශතය 2009දී සහ 2010දී 8.9ක් බව සහ 2012දී සහ 2013දී එය 6.5 බව. අපි දැන් 2012 වසර ගනිමු. බන්දුල ගණවර්ධන මහතා දෙදහස් පන්සියේ කතාව කියූ මෙම වර්ෂයේ ලංකාවේ ජනගහනය පවුල් ලක්ෂ 52යි. මෙයින් සමෘද්ධිය ලබනවා පවුල් ලක්ෂ 15ක්. ඒ කියන්නෙ සියයට 29.4ක් සමෘද්ධිය ලබනවා. හැබැයි දුප්පත් කමේ ප්‍රතිශතය ලෙස පෙන්වා දෙන්නෙ සියයට 6.5යි. දුප්පත්කමේ ප්‍රතිශතයට වැඩිය සියයට 23කට සමෘද්ධිය දෙනවා. මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඉහත සඳහන් කළ දුප්පත්කමේ ප්‍රතිශත ව්‍යාජ ප්‍රතිශත බව.
දුප්පත්කම පිළිබඳව ව්‍යාජ ප්‍රතිශත නිර්මාණය කර තිබෙන්නේ ජනතාව තුළ යම්කිසි කෘතිම සැනසිලිභාවයක් නිර්මාණය කර දෙන්න. දුප්පත්කම අඩු වූ බව ප්‍රකාශ කිරීම සැමගේ හදවතට සතුටක්. හැබැයි දුප්පත්කම අඩුවූ බව ප්‍රකාශ වුනාට සමෘද්ධිය සියයට 29කට 28කට ලබා දෙනවා. ඇත්ත කතාව අපේ රටේ දුප්පත්කම සියයට 29යි, 28යි. ඇත්ත කතාව සැඟවූ නිසා ලෝකයා අපව දැක්කෙ දුප්පත්කම අඩුවූ රටත් ලෙස. දුප්පත්කම අඩුවු රටක් ලෙස නම් වු විට රටට ලබාදෙන මුදල් අධාර වෙනුවට මුදල් ණය ලැබෙනවා. ආධාර කැපෙනවා. කෘතිම සැනසීමක් ජනතාව වෙත ඇති කිරීම උදෙසා අංක ගණිත සංඛ්‍යාලේඛන ජිල්මාට්කර දුප්පත්කමේ ප්‍රතිශතය කෘතීමව අඩුකර දුප්පත්කම අඩුවී ඇති බවට වේදිකාවල ලොකුවට එදා කෑ ගැහුවා. මේ තුළින් සිදුවුනේ රටට ලැබෙන් තිබෙන මුදල් ආධාර ඉවත් වීමයි. ආධාර වෙනුවට ගිනිපොලී ණය ගැනීමයි. මේ තුළින් සිදුවූයේ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුගේම හිසමත බදුබර පටවා ඉපදෙන සැම දරුවෙකුගේම ඒක පුද්ගල ණය බර ප්‍රමාණය වැඩිකිරීමයි. මෙය ඔලමොට්ටල ක්‍රියාවක් ලෙස හදුන්වන්න පුළුවන්.
මම ආර්ථිකය හොල්ලන ප්‍රකාශයක් කළ බව බන්දුල මහතා ප්‍රකාශ කරනවා. අපි නිවැරදි තොරතුරු සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන විට බොහෝ දෙනා හෙල්ලෙයි. බන්දුල මහත්මයාගේ අංක ගණිත ජිල්මාට් ආර්ථික පර්යේෂණ ඒකකය අපට යහපතක්.
මට අන්තර් ජාතික මුල්‍ය අරමුදල සහ තවත් ආයතන සමඟ ගනුදෙනු කරන්න සිදුවන බවද ප්‍රකාශ වනවා. මම එතුමාට කියන්නෙ බන්දුල මහත්මයලාගේ කණ්ඩායම වගේ කටයුතු නොකරන බව. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ජාත්‍යන්තරයට ගොස් ඔවුන්ගේ කකුල් ලඟ වැඳ වැටී රට අපකීර්තියට අවමානයට ලක් නොකරන බව මා ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තරය සමඟ මා කටයුතු කරන්නෙ කොන්ද කෙළින් තබාගෙනයි. රටේකම අපේකම ගමේකම සංස්කෘතිය සභ්‍යත්වය ආදී සෑම දෙයක්ම ආරක්ෂාකර ගනිමින් මම ජාත්‍යන්තරය සමඟ කටයුතු කරනවා. පුරවැසියාට වැඩිම අගයක් එකතුවන ආකාරයට කටයුතු සිදුකරනවා. ජාත්‍යන්තර ගනුදෙනුව තුළින් මරදන්කඩවල බන්ඩයියාට, මුතූර්වල මොහිදීන්ට, යාපනයේ පොන්නම්බලම්ගේ මුදල් පසුම්බියට යහපතක් විය යුතුයි. එසේ නොමැතිව ජනපතිගේ අගමැතිගේ මැති ඇමැතිවරුන්ගේ පාලකයින්ගේ සාක්කුවට මුදල් එකතුවන ආකාරයට මා ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන්නෙ නැහැ. ජාත්‍යන්තර ගනුදෙනු පිළිබඳව කාගෙන්වත් ටියුෂන් පන්ති මට අවශ්‍ය නැහැ.
අපේ රටට ජාත්‍යන්තරයේ ආධාර දෙන්න එපා කියූ කාලයේ මගේ පියාණන් ලෝක බැංකුවෙන් ආධාර ලබා ගත්තා. බන්දුල මහත්මයාගේ කාල වකවානුවේ දුප්පත් කම පිළිබඳව කරපු අංක ගණිත සංඛ්‍යා ලේඛණ ජිල්මාට් එක නිසා රටට ලැබීමට තිබූ ආධාර නැතිවී ගිනි පොලී ණය ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සැළසුන බව මා විශාරද බන්දුල ගුණවර්ධන මහතාට කියනවා.
0 Comments