Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදු ප්‍රදේශ තරමක් රළු වෙයි

අද දවසේ කාළගුණය පිළිබද අදහස් දක්වන කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන පරිදි සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි ඇති විය හැකිය.

එමෙන්ම උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි.

මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වෙයි.

ධීවර සහ නාවුක ප්‍රජාව පවතින තත්ත්වය පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();