හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට යළි රැස්විය.
ඒ, කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙනි.
පසුගිය 22 වනදා හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබීය.
ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 06.30ට පැවැත්වෙනු ඇති.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතුයැයි එම ගැසට් පත්‍රයේ සඳහන්.
0 Comments