Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෞඛ්‍ය සේවාව නැංවීමේ ඇමැති රාජිතගේ වැඩපිළිවෙළට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාහාය

Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

සෞඛ්‍ය සේවාව නංවාලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඉකුත්දා (25) පැවැත්විණ.

වෙනත් වෛද්‍ය වෘත්තීය සමිති මෙන් නොව තම සංගමය වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කරමින් කටයුතු කරන බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙහිදී ප්‍රකාශ කළේය. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගන්නා බවත්, වෛද්‍යවරුන්ගේ ගරුත්වය විනාශ නොකරන බවත් එම සංගමය අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කර ඇති ජනතා හිතවාදී සෞඛ්‍ය වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙහිදී අගය කරන ලදි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛන ඉදිරි දෙසතිය තුළ සකස් කර අවසන් කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු මහතා වෙත ඇමැතිවරයා විසින් දැනුම් දීම ද සිදුකෙරිණ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති අතර වයස අවුරුදු 60 න් විශ්‍රාම යන විශේෂඥ වෛද්‍යවරයෙකුට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමේ හිමිකම සකස් කර දෙන මෙන් එම සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ පිළිබදව අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ප්‍රමාදය වැළැක්වීම, දරුවන්ට විදුහල් ලබාදීම, නිල නිවාස ගැටලුව පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණ. ඇතැම් ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ද මෙහිදී තීන්දු කෙරිණ.

මෙම සාකච්ඡාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍ය සංගමයේ නිලධාරීන් සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();