Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවෙ නායකයෝ වැඩ කරන්නෙ අමෙරිකානු හා චීන බල අරමුණු වෙනුවෙන්! – දුමින්ද නාගමුව (vedio)

ලංකාවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් දේශපාලන නායකයන් එකිනෙකාට චෝදනා කරමින්ම වුවත් වැඩ කරන්නේ එක්සත් ජනපදය හෝ චීනය හෝ වෙනුවෙන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කළේ අද(28) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

”මේ වනවිට එක්සත් ජනපදය සමග ආරක්ෂක හමුදා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම්වන බවට විපක්ෂයෙන් දේශපාලන විවේචන එල්ල කරනවා. SOFA සහ MCC ගිවිසුම් සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බවක් කියා තිබෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව එක්සත් ජනපද මිලිටරි කටයුතු සදහා සහාය දෙන තැනට පත් වෙලා.

මේ සම්බන්ධ කරුණු අනාවරණය වූයේ පසුගිය ජනවාරි මාසයේ 21 සිට 28 වැනිදා දක්වා එක්සත් ජනපද ආරක්ෂක හමුදා විසින් යම් භාණ්ඩ ප‍්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන්ගේ හමුදා ගුවන් යානායකින් ගෙනැවිත් ඒවා ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිතව නවතා තිබුනු ඔවුන්ගේ යුද නැවකට ගෙනයාමේ සිදුවීමත් තමගයි. මෙම භාණ්ඩ මොනවාද කියන කාරණයවත් ඒවා ලංකාවේ රේගුවට පරික්ෂා කරන්නවත් අවස්ථාව නොලැබුණු බවත් සඳහන් කළ යුතුයි. ඒ සම්බන්ධ මාධ්‍ය විසින් අනාවරණය කරමින් විවිධ අංශවලින් ප‍්‍රශ්න කරනවිට එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඒපිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කළා. ඔවුන් කීවේ 2018 ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ මෙවැනි මිලිටරිමය භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුම් සිදුකළ බව ඔවුන් අනාවරණය කළා. මේ කටයුතු සිදුකරන්නේ ACSA ගිවිසුමට අයත් කොන්දේසි අනුව බවත් මෙහි කිසිදු හානිකර යමක් සිදු නොවන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඇගවීමට උත්සාහ කළා. ඉන්පසුව මාර්තු මාසයේ ඕස්ටේ‍්‍රලියාව සමග ලංකා ඉතිහාසයේ පැවැති විශාලතම යුද අභ්‍යාසය සිදුකළා. ඒ විතරක් නෙවෙයි අන්තවාදී ප‍්‍රහාර සිදුවන්නට පෙර අපේ‍්‍රල් 19 වැනිදා ලංකාවෙ දකුණු මුහුදේ එක්සත් ජනපද යුද අභ්‍යාසයක් සිදුකරන්නට කටයුතු කළා.

මේ අනුව, එක්සත් ජනපදය හා චීනය අතර පවතින වෙළඳ යුද්ධය සහ වෙනත් ප‍්‍රතිවිරෝධතා අතර ලංකාවේ සිදුවන කටයුතු අතර සම්බන්ධයක් තිබෙනවා. මේ ක‍්‍රියාදාමය වත්මන් ආණ්ඩුවට ගෙන එන විවේචනයක් වුවද මෙහි ආරම්භක අවස්ථාව වන්නේ 2007දී මහින්ද රාජපක්ෂ පාලනය විසින් අත්සන් කළ ACSA ගිවිසුමය. එපමණක් නොව, එක්සත් ජනපද මැදිහත්වීම්වලට පසුබිම් වන්නේ මෙරට ආණ්ඩු විසින් වරින්වර ගෙන ඇති එක්සත් ජනපද හිතවාදී සහ එක්සත් ජනපද විරෝධී දේශපාලන ස්ථාවරයන් බව පැහැදිලිය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();