Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ NIA නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට ඒමට සූදානමක්

කේරළ ප්‍රාන්තයේ සිදු වූ අයි එස් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනයේ (NIA) විමර්න නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව ඉන්දියාවේ ඉකොනමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
 
ඉන්දීය ජාතික විමර්ශන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වයි. කේ. මෝදි ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශන සිදු කරනු ලැබේ.
 
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ද අදාළ විමර්ශන කටයුතු සදහා අවසර ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රජයේ අවසරය ඔවුන් මේවන විට බලාපොරොත්තුවෙන් සිටී. ඉකොනමික් ටයිම්ස් පුවත්පත පසුගිය 28වනදා මෙම තොරතුරු වාර්තා කර තිබුණි.
 
එසේම ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය සතුව පවතින මීට අදාළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට ද අපේක්‍ෂා කෙරේ.
 
ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ පිරිස් දකුණු ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය මාසයේ දී කේරළ ප්‍රාන්තයේ දී ජාතික විමර්ශන ආයතනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති 29 හැවිරිදි රියාස් අබුබකර් නැමැති සැකකරුගෙන් මේවන විට රඳවාගෙන ප්‍රශ්ණ කිරීම් සිදු වේ. එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ බවය. එසේම කේරළ ප්‍රාන්තයේ ද එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරක් සැළසුම් කර තිබූ බව පවසා ඇත.
 
සහරාන් හෂීම් ඉන්දියාවේ ඇතැම් තරුණ කොටස්වලට අන්තවාදී දේශන හරහා දැනුවත් කිරීම් ද සිදු කර ඇති බවට මෙම සැකකරු විසින් අනාවරණ කර ඇති බව වාර්තාවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();