Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කටාර් අගමැති හදිසියේ සෞදියට

මක්කම නගරයේ පැවැත්වෙන ගල්ෆ් සහයෝගීතා සමුළුවට කටාර් අගමැති අබ්දුල්ලා බින් නසාර් බින් කලීෆා අල් තානී සහභාගී වෙයි.

අද (30) පැවැත්වෙන ගල්ෆ් සහයෝගීතා සමුළුවට සහභාගීවීමට කටාර් අගමැතිවරයා සෞදිය බලා යනු ඇත්තේ සෞදියේ සල්මාන් රජු කළ විශේෂ ආරාධනාවක් ද පිළිගනිමිනි.

සෞදියේ සල්මාන් රජු එම ආරාධනාව යොමු කළේ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානීටය. කෙසේ නමුත් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට සහභාගී වන බව අල් තානී පවසා නැත.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර ඇයිහොඳයිකම් පළුදු වී ඇත. ඒ, සෞදිය ඔවුන්ට හිතවත් බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද හවුල් කරගනිමින් කටාරයට සම්බාධක පනවා ඇති නිසාය. සම්බාධක පැනැවීම කළේ කටාර් රාජ්‍ය්‍ය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් අන්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් චෝදනා කරමිනි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();