Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති නවදිල්ලි නුවරට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උලෙළට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා විය.
 
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිතුමා හරසරින් පිළිගන්නා ලදි.
 
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උලෙළට සෙසු රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්වීමට නියමිතය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();