Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමෘද්ධිය නැති අය අභියාචනා ඉදිරිපත් කරන්න

කමනි අල්විස්

සමෘද්ධි හිමිකම් ලැබීමට සුදුසුකම් තිබුණත් හිමිකම් නොලැබුණ පවුල් වලට අභියාචන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉදිරි දිනවල පුවත්පත් දැන්වීම් පළ කරන බවද ඇමැතිවරයා කිය.

අද (30) සිට ජුනි මස 15දා දක්වා පැවැත්වෙන පවුල් හයලක්ෂයකට සමෘද්ධි හිමිකම් ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් බිලියන දහයක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර දුන් බව පැවසූ ඇමැතිවරයා සමෘද්ධිලාභීන් සවිබල ගන්වා සමෘද්ධි පවුලකට රුපියල් ලක්ෂ පහක ආදායම් ලබන්නන් බවට පත්කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ වැඩකටයුතු ආරම්භ කරන බවත් අධිෂ්ඨාන පූර්වකව සඳහන් කළේය. 'අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු' සංකල්පය පෙරදැරි කරගෙන ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ රටේ අපනයන ආදායමේ කොටස්කරුවන් බවට සමෘද්ධිලාභීන් පත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සමෘද්ධි බැංකු සියල්ලම පරිගණක ගත කරන බව පළ කල ඇමැතිවරයා බැංකුවල ආදායම තුන්ගුණයකින් වැඩි කර සමෘද්ධිලාභීන්ගේ මුදල් ඔවුන්ටම ආයෝජනය කිරීමේ අවස්ථාව සලසන බවත් කීවේය.

රාජපක්ෂ පාලන සමයේ ලක්ෂ දහහතරකට පමණ සමෘද්ධි ලබා දී තිබෙන්නේ දේශපාලන ගැතිකම් ඉටු කළ අයට බවත් ඇති හැකි අයත් සමෘද්ධිලාභින් බවට පත් කර තිබෙන බව අනාවරණය වී තිබෙන බව පැවසූ ඇමැතවරයා මේ සියල්ලම සොයා බලන බවත් ප්‍රකාශ කළේය. ඡන්දය ලබා‍නොදුන්නොත් සමෘද්ධිය කපා හරින බවට ඇතැම් සමෘද්ධි නිලධාරීන් අහිංසක ජනතාව බියට පත් කරගෙන එවකට සිටි බවටත් තොරතුරු තිබෙන බව පැවසූ ඇමැතිවරයා රජයට බරක් නොවී රජයේ මුදල් ලබා නොගෙන සමෘද්ධිලාභීන්ට රැකියා උත්පාදනය කරදෙන බවත් ප්‍රකාශ කළේය. සමෘද්ධිලාභීන්ගේ නිවාස අහිමිවූවන්ට නිවාස ලබාදීමටත් සෑම පවුලකම දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම සැප්තැම්බර් මාසයේ අරඹන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ඇමැති දයා ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) බත්තරමුල්ලේ ප්‍රාථමික සංවර්ධන සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();