Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

Author(s): 
විජයානි එදිරිසිංහ

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය සාෆි මොහොමඩ් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම පිණිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් කුරුණෑගලට ගොස් මේ වන විට ඒ සම්බන්ධව පරික්ෂණ ආරම්භ කර තිබේ.

 මේ වන විට මේ වෛද්‍යවරයා විසින් වඳ භාවයට පත් කළේ යැයි සැකකරන බවට පැමිණිලි ඉදිරිපත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් 35 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවටද තොරතුරු ලැබි ඇත.

මේ අතර දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රදවාගෙන ප්‍රකාශ සටහන් කරගෙන යන වෛද්‍ය සාෆි මොහොමඩ් මහතාගෙන් ප්‍රශ්න කිරිමේදි වත්කම් සම්බන්ධයෙන් සහ එල්ල වි ඇති වඳ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර මේ සාෆි වෛද්‍යවරයා විසින් ඉඩමක් මිලදි ගැනිමක් සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු විසින් වෛද්‍යවරයාටඑම ඉඩම් ගන්න මුදල් ලැබිම සම්බන්ධයෙන් වත්කම් පරික්ෂණයක් කුරුණැගල පොලිසිය හරහා ආරම්භ කර පරික්ෂණ සිදු වෙමින් තිබියදි මෙම වෛද්‍යවරයාට එම වද සැත්කම් හා සම්බන්ධ චෝදනාව එල්ල වි ඇති බවත් පැවසේ .

මෙහිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේ වත්කම් සම්බන්ධ පරික්ෂණ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම මගින් සිදු කළ යුතු බවත් පොලිසියකින් සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණයට අදාළ පරික්ෂණ බවත්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();