Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සම්පූර්ණ මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) නිකුත් කරන ලදි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයකු විසින් තමන්ට හඳුනා ගැනීමට යම් තැනැත්තකු හැඳ සිටින සම්පූර්ණ මුහුණ සගවාලනු ලබන ඇගලූම ඉවත් කරන ලෙස ඒ තැනැත්තාට නියම කළ හැකි බව ද එහි දැක්වෙයි.

සම්පූර්ණ මුහුණ ලෙස අදහස් වන්නේ නළල් මුදුණේ සිට නිකටේ අග දක්වා ය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();