පාකිස්තානය සමඟ පැවැති දෙවැනි එක්දින තරගය අතරතුරදී පන්දුව පළුදු කිරීම සම්බන්ධව චෝදනා එල්ල වුණු එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
සදම්ප්ටන්හි පැවැති මේ තරගයේදී ප්ලන්කට් විසින් නීති විරෝධීහෙවත් පන්දුවේ දාරය කෙළවර ඇඟිලි තුඩු වලින් තුවාල කිරීමට උත්සාහ ගත් බවත් සමාජ ජාලා වෙබ් අඩෙවියක් ඔස්සේ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ සම්බන්ධව පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද ක්‍රිස් ගැෆනි සහ පෝල් රයිෆල්ගෙන් මෙන්ම තරග තීරකවරයා වන රිචී රිචර්ඩ්සන්ගෙන් කරුණු විමසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව අනුව කරුණු සොයා බලා ඇති එම පිරිස් ප්ලන්කට් විසින් එවැනි උත්සාහයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම් දීමෙන් පසු ප්ලන්කට් නිදොස් ක්‍රීඩකයකු බව ප්‍රකාශයට පත් කර තිබේ.


0 Comments