Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆෙයාර්ෆස්ට් කුසලාන වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ තරගාවලිය ඇරැඹේ

Author(s): 
ගීෂා මුණසිංහ

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගමාලවේ 6 වැනි තරගාවලිය වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ඕවර 25 කින් සමන්විත ලීග් ක්‍රීකට් තරගාවලිය වෙනුවෙන් දෙවැනි වරටත් ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම අනුග්‍රහකත්වය ලැබී තිබේ.

‘ෆෙයාර්ෆස්ට්’ කුසලානය සඳහා පැවැත්වෙන මෙම ලීග් ක්‍රිකට් තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 28ක් තරගාවලියට එක්වීමට නියමිතය.

ලීග් කාණ්ඩයේ තරගාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර ලීග් කාණ්ඩයේ එය ජූනි 22 වැනි දා දක්වා පැවැත්වෙයි. ඉන් පසුව පිලිමලුන් පිටුදැකීමේ කාණ්ඩය ආරම්භ වන අතර එම අදියර ජූනි 29 වැනි දා නිමාවට පත්වෙයි. මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ජූලි 6වැනි දා ආරම්භ වන අතර අවසන් පූර්ව වටය ජූලි 13 වැනිදා පැවැත්වෙයි. අවසන් තරගය ජූලි 20 වැනි දා වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සියලු තරග වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය තර්ස්ටන් විද්‍යාලය ක්‍රීඩාංගණය, රත්මලාන එන්.එස්.සී.ඒ. සහ මත්තේගොඩ යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

මේ තරගාවලියේ අධීක්ෂණය පළමු වරට වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් නම් කරන ලද තරග තීරකයකු වෙත පවරා තිබේ. සමස්ථ තරගාවලියම ‘ඩක්වර්ත් ලුවිස්’ ක්‍රමවේදය මත පැවැත්වෙයි.

ජයග්‍රාහකයන්ට ෆෙයාර්ෆස්ට් කුසලානය හිමිවන අතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාට සම්මාන පිරිනැමීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හා අනුග්‍රාහකත්ව පිරිනැමීම පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ශාලාවේ පැවැති අතර එම මාධ්‍ය හමුවට වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ඉද්දමල්ගොඩ, උප සභාපති හා තරගාවලියේ අනුග්‍රහක කමිටුවේ සභාපති රෝහන දිසානායක ලේකම් මහේෂ් ඩී. අල්විස්, ෆෙයාර්ෆස්ට් රක්ෂණ සමාගම වෙනුවෙන් කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව් ජා, ප්‍රධාන අලෙවි හා ඩිජිටල් තාක්ෂණ ප්‍රධානී සසිත බඹරදෙනිය හා අලෙවි ප්‍රධානී සංජය සිරිවර්ධන මහත්වරු එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();