Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩා වැටුණු සංචාරක ක්ෂේත්‍රය නැංවීමට වැඩසටහන්

(බුද්ධිකා ඉඹුලාන,චමීර ඇල්ලදෙණිය)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ අහිතකර බලපෑම අවම කර ගැනීම සඳහාත්,සංචාරකයින් අතර නැගී එන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රසිද්ධිය තවදුරටත් වර්ධනය කර ගැනීමටත්,  ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
 
සංවාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු  ඇමැති ජෝන් අමරතුංග මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මේ යටතේ මෙරටට විදේශිය සංචාරකයින් රැගෙන ආ විදේශිය චාරිකා මෙහෙයවන්නන් හා එක්ව ශ්‍රී ලංකාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද යෝජනා වී තිබේ.
 
ඒ අනුව වසරකට මගීන්  250 කට අධික සංඛ්‍යාවක් මෙරටට රැගෙන එන විදේශීය චාරිකා මෙහෙයවන්නන් සමග එක්ව රුපියල් මිලියන150 ක පමණ ආයෝජනයක් ආයෝජනයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
 
එක්සත් රාජධානිය ,ඉන්දියාව ,රුසියාව ,ඉතාලිය,ඊශ්‍රාලය,ජර්මනිය ,චීනය,යුක්රේනය,ජපානය ,ප්‍රංශය ,ඕස්ට්‍රේලියාව,බෙන්ලක්ස්,කොරියාව,ගල්ෆ්,හා ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන්වල චාරිකා මෙහෙයවන්නන් වෙතින් මේ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා  යෝජනා ලබා ගැනෙනු ඇත. 
 
දැනට ක්‍රියාත්මක 'ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම 2017-2020 'වඩාත් සක්‍රීයව සිදු කිරීමට මේ යෝජනා අතර ,ඒකාබද්ධ මහජන සම්බන්ධතා හා කෙටි කාලීනඅලෙවි හා සන්නම් සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන අතර ඒ අනුව ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත ගෝලීය නියෝජිතායතන  මගින් දින 45ක කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
 
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක සන්නම් නාමය යළි ප්‍රචලිත කර ගැනීම සඳහා මාස 06 ක කාල පරිච්ඡේදයක් පුරා දැන්වීම් ප්‍රචාරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();